hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 අප්‍රේල් 28, ප.ව. 5:59


භූමිතෙල් පෝලිමක තවත් මරණයක්

කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28) පස්වරුවේ ඇද වැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා.

භූමිතෙල් ලබා ගැනීම සඳහා උතුරු කළුතර පිරවුම්හලේ දිගු පෝලිමක රැඳී සිටි ඔහු අද පස්වරු 2.00 ට පමණ ඇද වැටී ඇති අතර 1990 ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හීනටියන්ගල,කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.