2022 අප්‍රේල් 29, පෙ.ව. 9:30
රඹුක්කන උද්ඝෝෂණයේදී වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කිර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹ අධිකරණයටත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර අධිකරණයටත් ඉදිරිපත් කරන බවයි.
කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කිර්තිරත්න මහතා නාරාහේන්පිට පොලිස් රෝහලේදීත්, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කුණ්ඩසාලේ පොලිස් රෝහලේදීත් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25