hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 08, ප.ව. 4:41



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගිය 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට සහ සිය නිවසට ප්‍රහාරයක් නිල කර සිද්ධිය සිහිපත් කරමින් අද කදුළු සැලුවා.

මන්ත්‍රීවරයා මෙලෙස සංවේදී වුණේ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කළුතර දී පැවති ජන රැළියක් අතරතුරයි.

මෙම ජනරැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, අනූප පැස්කුවෙල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: