hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 ඔක්‍තෝබර් 10, ප.ව. 5:10


ගාලුමුවදොර අදත් උණුසුම්

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්වුණා.

පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවයි.

එම අවස්ථාවේ දී පොලීසිය සමග බහින්බස්වීමක් ද ඇති වූ බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ වනවිට මාර්ගය විවෘත කර ඇති බව ද වාර්තා වෙනවා.