hit counter

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2022 අප්‍රේල් 29, ප.ව. 4:06



මේ වන විට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ කටයුතු නතර වී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ත්‍රිපෝෂ බෙදාදීම සිදු නොකරන බවයි තොරතුරු වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල දරුවන්ට ත්‍රිපෝෂ නොමැතිවීම නිසා ඔවුන් මන්ද පෝෂණයට ලක්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතිනවා.

මුල් මාස කිහිපයේ පමණක් තමන්ට ත්‍රිපෝෂ ලැබුණු බවයි එම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් සඳහන් කරන්නේ.

අමුද්‍රව්‍ය නො මැති වීම හේතුවෙන් මාස 3ක සිට ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමේ කටයුතු නතර කර ඇති බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළා.