2022 අප්‍රේල් 29, ප.ව. 4:34
 
            
ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවට රුපියල් කෝටි 168ක මුදලක් අහිමි වී ඇති බව වාර්තා වනවා.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත ලබාදුන් තෙල් ටැංකි දෙකක් හා නල පද්ධතිය සදහා බදු කුලි වශයෙන් මෙකී සමාගමෙන් වසර 10ක කාලයක් තුල දි රුපියල් 168,000,000 ක මුදලක් ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවට අයවිය යුතුව ඇතැයි වාර්තා වනවා.
නමුත් මේ දක්වා එම මුදල ලැබි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්.
ශ්‍රි ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි 02ක හා නල පද්ධතිය ලිඛිත ගිවිසුමකට එළැඹිමකින් තොරව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වෙත ලබාදි තිබුණි.
මේ සම්බන්ධයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුල රුපියල් 168,000,000 ක මුදලක් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු බවට තක්සේරුකොට තිබුණි.
බදු කුලි අය කර ගැනීම සදහා 2020 ජනවාරි 24 හා ජුනි 30 දිනැති ලිපි මගින් රේඛිය අමාත්‍යංශය දැනුවත් කළද මේ දක්වා එම මුදල් අයවී නොතිබු බව විගණන වාර්තාවේ සදහන්.
මෙකී මුදල ලබා ගැනිම සදහා රේඛිය අමාත්‍යංශය සමග සාකච්ඡා සිදුකරගෙන යන බව සිමෙන්ති සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට දැනුම් දි තිබෙනවා.
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08