hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 5:45


මාරවිල උණුසුම් තත්ත්වයක් – පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්

අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

මාරවිල මරද ප්‍රදේශයේදී වළහපිටිය දෙසට ධාවනය වී ඇති අදාළ මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය එහි පිටුපස රෝදයට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒත් සමගම රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී නතරවී තිබූ බව පොලීසිය පැවසුවා.

පසුව පොලීසිය විසින් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.