hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 8:21



ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම ඊයේ දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගටළු සහගත තත්ත්යක් මතු වූ අතර විදුලි ජනක ආධාරයෙන් විකාශය කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ජාතික රූපවාහිනිය සංස්ථාව මාසගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබෙනවා.

පසුව රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: