2022 අප්‍රේල් 30, ප.ව. 4:42
මෙරට නිෂ්පාදිත මත්පැන්වලට අදාළ සංශෝධිත මිල ගණන් අලෙවි ස්ථානවල වහාම ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් අලෙවිසැල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් නියමිත මිලට වඩා වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ අනුව පාරිභෝගිකයින් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25