2022 අප්‍රේල් 30, ප.ව. 4:53
බුදුන් වහන්සේට සහ බුද්ධාගමට මෙන්ම සංස්කෘතියට අපහාස කරමින් ‘බුදුන්ගේ රස්තියාදුව’ නමින් ග්‍රන්ථයක් ලියා මුද්‍රණය කර සමාජගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ සිංහල භාෂා ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාට සහ ශ්‍රීනාත් චතුරංග මහතාට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබෙනවා.
ඒ එළඹෙන මැයි මස 20 වැනි දින අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා විසිනුයි මෙම නියෝගය ඊයේ (29) නිකුත් කර ඇත්තේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25