hit counter

2026 ඔක්‍තෝබර් මස 24 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 5:11



ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව මෙලෙස මිල අඩුකිරීමට තීරණය කර ඇති ආහාර ද්‍රව්‍ය පහතින්,

සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි.

පාන්පිටි කිලෝ එකක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 320කි.

හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1450කි.

කඩල පරිප්පු කිලෝ එකක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 285කි.

සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 260කි.

ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169කි.