hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 20, ප.ව. 2:23



කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ෙනොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එමෙන්ම අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින්ද එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුවද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කළා.

කතානායකවරයා මෙම නිවේදනය කළේ සභාවේ කටයුතු ආරම්භයේදීය.

ආණ්ඩුව අරගලයේ යෙදුණු පිරිස මෙම පනත යොදාගෙන දිගු කාලයක් කඳවුරු තුළ රඳවා තබාගැනීමට සැරසෙන බවට විපක්ෂයේ මන්ත්‍රිවරු සහ සමාජ ක්‍රියාකාරිහු පසුගිය කාලයේදී චෝදනා කළා.