hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 11:47



ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට  අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක්  යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළා.

රටේ පාසල් බොහොමයක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත්  රාජ්‍ය සේවයේ  පිරිස් බඳවා ගැනීමෙන් එම ගැටලුවද විසඳෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසුවේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.