2022 ඔක්තෝබර් 21, පෙ.ව. 11:15
අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට අටමස්ථාන කාරක සභාව රැස්වී සුදුසුකම් සපුරා ඇති අටමස්ථානය නියෝජනය කරන විහාරාධිකාරී හිමි නමක් ඉදිරියේදී තෝරා පත්කර ගැනීමට නියමිත බව වැඩබලන අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි මහසෑ විහාරාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ඊයේ (20) පැවැසූවා.
ඒ පිළිබඳව කළ විමසුමකදී උන්වහන්සේ එසේ කියා සිටියා.
නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව දිනක අටමස්ථාන කාරක සභාව රැස්වී එම පුරප්පාඩුව පිරවීම සාම්ප්‍රදායිකව කරනු ඇති බවත් උන්වහන්සේ පැවසුවා.
පුරප්පාඩුව පවතින අටමස්ථානාධිපති ධුරයට අටමස්ථාන කාරක සභාව විසින් අටමස්ථානයේ විහාරාධිකාරී ධුරය දරන සුදුසුකම් සපුරා ඇති හිමිවරුන්ට සිය අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බවත් ඒ අනුව ඉදිරිපත් කෙරෙන අයැදුම්පත් අටමස්ථාන කාරක සභාව පරීක්ෂා කොට සුදුසු හිමිනමක් තෝරා පත්කර ගනු ලැබීම සම්ප්රදාය බවත් පල්ලේගම හේමරතන නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළා.
2025 ජනවාරි 05, පෙ.ව. 12:11
2025 ජනවාරි 05, පෙ.ව. 12:09
2025 ජනවාරි 05, පෙ.ව. 12:09
2025 ජනවාරි 05, පෙ.ව. 12:08
2025 ජනවාරි 05, පෙ.ව. 12:05