hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 23, පෙ.ව. 6:32



මූල්‍ය වංචා මත මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව පසුපස සිටින මහමොළකාරිනිය වන්නේ ව්‍යාපාරික ජානකී සිරිවර්ධන බව ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරනවා.

ජානකී සිරිවර්ධන හිරේ නොදා ආරක්ෂා කරන්නේ ලංකාවේ ලොකුම දේශපාලන පවුලක් බවත් ඇය නිදහසේ සිටිනා තාක් මෙම පරීක්ෂණ නිසියාකාරව සිදු කිරීමට නොහැකි බව ද ඔහු පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්.

එහිදී තවදුරටත් සඳහන් කරන්නේ තමන් අධිකරණ ඇමති වූයේ නම් විජයදාස රාජපක්ෂ මහතා මෙන් තම පුත්‍රයා තිළිණිගේ නඩුව වෙනුවෙන් පෙනී සිටීමට නොයවන බවයි.

මෙම සියලු වංචා සිදු වෙද්දී මහ බැංකුව ඇස් පියාගෙන බලා සිටි බව ද පුදුම සහගත බවත් පවසන ඔහු මෙම මුදල් තවමත් නැති වී නැති බවත් ඒවා සගවාගෙන සිටින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.