hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 23, ප.ව. 8:14



කළුතර උතුර වස්කඩුව සමගිපුර මහ ඇලේ වැටී දෙදරු පියෙකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව, නුගගොඩ, 7 වන පටුමගේ පදිංචිව සිටී එස්.චන්ද්‍රපාල ද සිල්වා නමැති 52 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය සඳහන් කරයි.

පෙරේදා රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ඇලේ ජල මට්ටම ඉහළ ගොස් තිබී ඇති අතර ඊයේ (23) උදෑසන ජලය තරමක් බැස යන විට පුද්ගලයෙකු වැටී සිටිනු දැක ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර ඇතැයි සදහන් වෙනවා.

මියගිය පුද්ගලයා ඇළ හරහා යාමට උත්සාහ දැරීමේදී පය ලිස්සා වැටෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මළසිරුර ගොඩ ගෙන තිබෙනවා.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර සහ සැරයන් ඩබ්.ඒ.පී.ජයලාල් (42259) පරීක්ෂණ පවත්වයි.