hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 01, ප.ව. 5:11


සජබ රැළිය කැම්බල් පිටියෙන් ඇරඹෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයෙ මැයි දින පෙළපාලිය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටි බවද අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.