2022 ඔක්‍තෝබර් 27, ප.ව. 1:52
            
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම පිළිබඳ මුදල් අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කෘෂිකාර්මික හා සංචාරක යන ක්ෂේත්‍ර සහ අපනයන-අභිමුඛ ක්ෂේත්‍රයන්ට අදාළව නිෂ්පාදන කටයුතුවල නිරත වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්‍ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහාය ලබාදීමට එමඟින් බලාපොරොත්තු වන අතර එයින් රටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපයීමට අපේක්ෂා කෙරෙනවා.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එම ණය යෝජනා ක්‍රමය මඟින් කාරක ප්‍රාග්ධන ණය ලබා ගත හැකි අතර එක් ආයතනයකට ලබාගත හැකි උපරිම ණය මුදල රුපියල් මිලියන 10 ක් වනවා.
එම ණය මුදල් උපරිම මාස හයක (06) ක ණය සහන කාලයක් සහිතව උපරිම වසර තුනකින් ගෙවීමට හැකියි.
වර්තමානයේ කාරක ප්‍රාග්ධන ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතිකය 20% – 25% ක් වැනි ඉහළ මට්ටමක පැවතිය ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ 11% – 12% ත් අතර අඩු පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීමට හැකිවීම ක්ෂ්‍රද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ලැබෙන විශාල සහනයකි.
එම ණය පහසුකම ලබාගත හැකි බැංකු 8ක් පහතින්,
01. ලංකා බැංකුව
02. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
03. හැටන් නැෂනල් බැංකුව
04. කොමර්ෂල් බැංකුව
05. සෙලාන් බැංකුව
06. ජාතික සංවර්ධන බැංකුව
07. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
08. සම්පත් බැංකුව
ඒ සඳහා වන සම්පූර්ණ නිවේදනය පහතින්,


                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 1:02
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 9:13
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 10:08
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 6:16
                                                        2025 නොවැම්‍බර් 01, ප.ව. 4:43
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25