hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 27, ප.ව. 5:36



කුලියාපිටිය නගරයේ අනාරක්ෂිත අන්දමින් නවතා දමා ගොස් තිබෙන යතුරුපැදි පොලීසියට රැගෙන යාමට කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරිවරයා හා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

දිගින් දිගටම කුලියාපිටිය නගරයේ සිදු වන යතුරුපැදි සොරකම් පැදිකරුවන්ගේ ඒ පිළිබඳ තැකීමක් නොමැතිකම හේතුවෙන් පොලිසිය එසේ යතුරුපැදි පොලිස් වාහනයකින් පොලීසියට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

එහිදී තම යතුරු පැදිය නොමැති බව කියමින් පැමිණිලි කිරීමට පැමිණෙන අයවලුන්ට දැඩි සේ අවවාද කර එම යතුරු පැදි මුදාහැරීමට කටයුතු කරන පොලීසිය ඒවා ලබා දීමට පෙර සියලු ලේඛන පරීක්ෂා කිරීමද විශේෂත්වයක්.

එමෙන්ම රාජ්‍ය ආයතනවලටද ගොස් එම පණිවුඩය ලබා දීමට කටයුතු කළ අතර එහි සිටි නිලධාරීන් නිලධාරීන්ට කර බැඳි රන් මාල වෙනුවට ව්‍යාජ රන් පළඳින ලෙසත් රන්මාල කොල්ලකරුවන් කිසිදු අණක් ගුණක් නොමැතිව මාල කඩා දමන බවත් සඳහන් කර තිබෙනවා.

එහිදී ගෙළට රන් නොවුනත් ව්‍යාජ රන් හෝ පබලු මාල පැළඳි යත් කාන්තාවන් බොහෝ සුන්දර බව ද සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතා පවසා තිබෙනවා.

කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර