hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 10:41



මාතර තිහගොඩ මඩෙල්ලවල ප්‍රදේශයේ දී වයස අවුරුදු 15ක දරුවෙකුට වෙඩි වැදී තුවාල සිදුවීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

එම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී ඇතිවූ සිදුවීමකදී ඇති වූ වෙඩි වැදීමකින් දරුවා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එම උප පොලිස් පරීක්ෂකවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විමර්ශන කටයුතු සිදු කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.