hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 ඔක්‍තෝබර් 31, පෙ.ව. 4:21



ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්ව තිබෙනවා.

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බවද එහි දැක්වෙයි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් අද (31) සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.