hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 7:56



අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව ඇතුළත මෙම සීමා කිරීම සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: