hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2022 මැයි 02, ප.ව. 1:51



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් සංවිධානය කරන ලද මැයි දින රැස්වීමක් ඊයේ (01) නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා.

එහි දේශන පැවති අවස්ථාවේදී පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ සිටින ආණ්ඩුවේ දේශපාලනඥයින්ට විරෝධය දැක්වීමට කටයුතු කර තිබෙනවා.

එහිදී පාක්ෂිකයෙකු කියා සිටියේ “මේ බල්ලෝ තමයි ආණ්ඩුව කෑවේ” යනුවෙන්.

මැයි දින රැස්වීම සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක, හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහභාගි වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා මැයි දින පෙළපාලි සංවිධානය කර නොතිබුණා.