hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 12:45



විෂ දුමාරයක් ආඝ්‍රණය වීමෙන් පානදුර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් පනස් දෙනෙකුට අධික පිරිසක් පානදුර මූලික රෝහල වෙත රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

එම පාසල් බලධාරීන් පැවසුවේ අදාළ පාසල ආසන්නයේ නිවසක තිබූ වයර් සහිත කසළ ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම අග්‍රාහනය වීමෙන් මෙලෙස දරුවන් රෝගී වී ඇති බවයි.

තවත් පිරිසක් මේ වන විට ගිලන් රථ මගින් රෝහලට රැගෙන යන බව ද පොලිසිය පවසයි.

සෙසු දරුවන් මවිපියන් පැමිණ නිවෙස්වලට රැගෙන යන බව ද පාසල් ආරංචි මාර්ග සදහන් කරයි.