hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 02, ප.ව. 5:21



භික්ෂූන් වහන්සේලා දෙනමක් ගාලු මුවදොර පිටියේ  බිම වාඩිවී අද (02) උපවාසයක නිරත වනවා.

මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට පැය විසිහතරක් ඇතුළත පිළිතුරු ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට අරගල භූමියට පැමිණෙන ලෙසත් රටේ මහජනතාවට ආරාධනා කරමින් එම භික්ෂූන් වහන්සේලා උපවාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.

ඊට කහදවැවපොත ධම්මසුජාත හිමියන් හා නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටිනු දක්නට ලැබෙනවා.