hit counter

2026 ඔක්‍තෝබර් මස 10 වන සෙනසුරාදා

2022 මැයි 02, ප.ව. 2:45



දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන මැයි රැළිය ඊයේ (01) කිලිනොච්චිය නගරයේදී විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දෙමළ ජාතික සන්ධානයට හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානය ආසන්නයේ සිට බස්නැවතුම්පල දක්වා ගමන් කර තිබෙනවා.

දෙමළ ජනතාව පීඩාවට පත්වන විවිධ පැතිකඩයන් ඉස්මතුවන අයුරින් මෙම මැයි රැලිය පැවත්වූ අතර එහිදී දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලීම, යුද අපරාධ සඳහා ජාත්‍යන්තර විසඳුම් ඉල්ලීම, උතුරු නැගෙනහිර බලතල ඉල්ලීම, පොහොර ගැටලුව, ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ගැටලු ආදි කරුණු මෙහිදී ප්‍රධාන වුණා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන එස්. ශ්‍රීධරන්, එම්.ඒ.සුමන්තිරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් , හිටපු පලාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් ඇතුලු පිරිසක්ද සහභාගී වී තිබෙනවා.

(වන්නි – රොමේෂ් මධුෂංඛ)