hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 03, ප.ව. 4:09



අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11 වනදා වැඩ භාර ගැනීමට නියමිතයි.

හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධූරය සදහා අටමස්ථාන කාරක සභාව විසින් අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත් කිරීමට ගන්නා ලද ඒකමතික තීරණයකට අනුව අටමස්ථානාධිපති ධූරය සදහා උන්වහන්සේ පත් කර තිබෙනවා.

ඒ අනුව, එකොළොස් වන අටමස්ථානාධිපති නාහිමියන් ලෙස උන්වහන්සේ එදින පෙරවරු 7.00ට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටුව අභියසදී අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මල්වට්ටියක් පූජා කර උන්වහන්සේ වෙත පිළිගැන්වීමෙන් පසු අභිනව අටමස්ථානාධිපති නාහිමියන් බෝ සමිඳුන් වන්දනා කර ආගමික වතාවත්හි නි‍රතව ආශීර්වාද ලබා ගැනීමට නියමිතයි.

Example Image