2022 නොවැම්‍බර් 03, ප.ව. 8:05
මෙරට බෞද්ධ සංස්කෘතික උරුමය තුළ භික්ෂුන් වහන්සේ, හමුදා නිලධාරීන්, පාසල් ගුරුවරුන්, සිසුසිසුවියන් ආදී සෑම ක්ෂේත්‍රයකම පිරිස්වලට ස්වකීය අනන්‍යතාව විදහාපාන නිලඇඳුමක් පවතින බවත් විවිධ පාර්ශ්වවල අභිමතය පරිදි එය වෙනස් කළ නොහැකි බවත් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙරටට ආවේණික ඇඳුම් පැළදුම්, සිරිත්විරිත් නොතකා හැරීම ඉතා ව්‍යසනකාරී විය හැකි බවයි.
ගුරුවරියන්ටත් සුදුසු පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙන ලෙස පසුගියදා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කර තිබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2022.09.27 දින නිකුත් කළ චක්‍රලේඛය ගුරුවරුන්ට කිසිසේත්ම අදාළ නොවන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සඳහන් කරයි.
ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ අවධානය යොමු කරමින් ස්වාමීන් වහන්සේ ඒ බව පෙන්වා දී තිබෙනවා.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන් පෙන්වා දෙන්නේ පාසල් දරුවන්ගේ ස්වභාවය ඇසෙන දකින දේ වේගයෙන් අනුගමනය කිරීම බවයි.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03