2022 නොවැම්‍බර් 05, පෙ.ව. 5:08
 
            
ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරයක් නිදහස ජනතා සභාවට එක් වීමට සාකච්ඡා කර තිබෙනවා.
එජාපයට සම්බන්ධ වීමට අකමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් මෙලෙස නිදහස ජනතා සභාවට එක් වීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
එම සාකච්ඡාවලදී ඔවුන් පෙන්වා දී ඇත්තේ “අපිට දැන් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න බෑ. අපි දැන් ඔවුන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. අපිට ඔන දේවල් අපේ අරමුණු ඔවුන්ගෙන් ඉෂ්ඨ කර ගන්න බැරිවුණා. ඒනිසා ජනතාවට වැඩ කරන්න ජනතාවගේ ගැටලු විසඳන්න නිදහස ජනතා සභාවෙන් ඡන්දෙ ඉල්ලන්න ක්‍රමයක් හදලා දෙන්න”ෙ
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් අති බහුතරය නිදහස ජනතා සභාවෙන් නාම යෝජනා භාර දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.
එම සාකච්ඡාවට විවිධ පළාත් පාලන ප්‍රදේශ වල පොහොට්ටු මන්ත්‍රීවරුන් පැමිණ තිබෙනවා.
හොරණ, මුලටියන, කැළණිය, වාරියපොල, මීරිගම වැනි ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් රැසක් මෙම සාකච්ඡාවලට සහභාගී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18