2022 නොවැම්‍බර් 05, ප.ව. 8:18
අත්අඩංගුවට ගත් ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා අද (05) නියෝග කළා.
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලිට ආධාර අනුබලදීමේ චෝදනා මත ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක් වන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) අත්අඩංගුවට ගත්තා.
පසුව තිළිණි ප්‍රියමාලි සිදුකළ මූල්‍ය වංචා 2 ක් සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධනගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව අද අලුත්කඩේ අංක 3 මහෙස්ත්‍රාත් අධිකරණය වෙන ඉදිරිපත් කළා.
එහිදී ඇයව අධිකරණය වෙත රැගෙන ආවේ මාංචු සහිතවයි.
කෙසේවෙතත් කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරක්ෂක රැකවල් මැද රැගෙන ආවා.
බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග තිළිණි ප්‍රියමාලි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පැමිණෙන අවස්ථාවේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු යොදා නොතිබීම විශේෂත්වයක් වුණා.
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:12
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:07