hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 4:53



දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර පළාතේත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබෙනවා.