hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 09, ප.ව. 1:24



ඇමරිකානු විදේශ සබඳතා පිළිබඳ එක්සත් ජනපද සෙනට් කමිටුවේ ව්‍යවස්ථාදයක සහ ප්‍රතිපත්ති විශ්ලේෂණ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් පසුගියදා යාපනයේ නැවත පදිංචි වැසියන්ගේ ඉඩම් ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා නිරීක්ණයක නිරත වුණා.

මෙම නියෝජිත පිරිස සඳහා විදේශීය ජාතිකයින් 05 දෙනෙකු සහ ශ්‍රීලාංකිකයින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු නියෝජිතයින් පිරිස හමු වී සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙනවා.

අදාල සාකච්ඡාවේදී යුද්දයෙන් පසුව ඉඩම් අහිමි වූ නැවත පදිංචි වූවන්ගේ ඉඩම් ගැටලු පිළිබඳව මෙන්ම දැනට ආරක්ෂක අංශ භාරයේ ඇති නිදහස් නොකරන ලද ඉඩම් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවක නිරත වූ බවට වලිකාමම් උතුර ප්‍රාදේශීය සබාවේ නියෝජිතයින් පවසා සිටියා.

මේ අනුව අදාල සෙනට් සභා නියෝජිතයින් පිරිස උතුරේ ඉඩම් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊයේ (08) නැගෙනහිර ඉඩම් ගැටලු සොයා බැලීම සඳහා මඩකලපුව ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වීමට පියවර ගෙන තිබෙනවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ