hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 12, ප.ව. 2:06



ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක කාලයක් ජලය කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුව පෑලියගොඩ වත්ත, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන් ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට එම කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිතයි.