hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 11:04


මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු තිදෙනාට ඇප

මිල්ලනිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය, මිල්ලනිය පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැර තිබෙනවා.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේ සැකකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කොට ඇප මත මුදාහරින බවයි.

අදාළ නඩුව යළිත් ජනවාරි 18 වනදා කැඳවීමට නියම කෙරුණා.