hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 16, ප.ව. 5:20



අද සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව රතු පරිප්පු, ටින් මාළු, රතු කැකුළු සහල් මිල ගණන් මෙලෙස පහළ දැමීමට පියවර ගෙන ඇත්තේ.

ලංකා සතොස සදහන් කළේ එහිදී රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 389 කට, ග්‍රෑම් 425 දේශීය ටින් මාළු රුපියල් 540 කට සහ රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 205කටත් අලෙවි කෙරෙන බවයි.

දිවයින පුරා පිහිටි සියලු සතොස අලෙවිසැල් මගින් මෙම මිල ගණන් යටතේ අදාල භාණ්ඩ පාරිභෝගිකයාට මිලදී ගැනීමේ හැකියාව පවතී.