2022 නොවැම්‍බර් 17, ප.ව. 5:09
 
            
විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද(17) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ද නොවන අදාල මන්ත්‍රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහානේ රැඳවූම් මධ්‍යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙස ද රහුමාන් මහතා ප්‍රකාශ කළා.
අදාල මන්ත්‍රීවරිය විදේශ පුරවැසියෙක් ලෙස සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කොට අලුත්කඩේ අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙන බව කී රහුමාන් මන්ත්‍රීවරයා ඇය 2014 වසරේ ගත් නේවාසික වීසා මත මෙරට රැඳී සිටින බව ද 2015 වසරේ හත්වෙනි මාසේ එම වීසා කල් ඉකුත් වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයිද කියා සිටියා.
ආණ්ඩුව පැහැදිලිවම මේ වාර්තාව යටපත් කර තිබෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18