hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 19, ප.ව. 3:38


මිනිස් ජාවාරමට සම්බන්ධ සැකකරු රිමාන්ඩ්

කාන්තාවන් විදෙස්ගත කරවා මිනිස් ජාවාරම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඩුබායි සහ ඕමානය වෙත සිදු කෙරෙන මිනිස් ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරුව අද (19) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් වුණා.

ගුවන්තොටුපොළ විමර්ශන අංශ භාරයේ රඳවාගෙන සිටි සැකකරුව මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එලෙස බන්ධනාගාරගත කර තිබෙනවා.