hit counter

2026 ජූනි මස 07 වන ඉරිදා

2022 නොවැම්‍බර් 20, ප.ව. 1:56



හිටපු අමාත්‍ය, පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ  අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණියා.

එතුමා මීට මාසයකට පමණ පෙර අමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණා.

බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එතුමා පිළිගැනීම සඳහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.