2022 නොවැම්‍බර් 22, පෙ.ව. 10:19
ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ අසාර්ථක වී ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ, ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේදී ගාස්තුවක් අය කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සැලසුම් කර ඇති බැවින් බොහෝ ත්‍රිරෝද රථ රියදුරන් ඊට සහය පළ නොකිරීමට තීරණය කර ඇති බවයි.
ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඒවා ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා ආරම්භ කරනු ලැබුවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තුළ අදාළ ලියාපදිංචි කිරීම සිදුකළ යුතු අතර එම ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා වැඩිකිරීමට නියමිතය.
මෙහිදී ලියාපදිංචි ගාස්තුවක් අය කිරීමට පළාත් සභාව තීරණය කර ඇති බැවින් බෙහෝ ත්‍රිරෝද රථ රියදුරන් මෙම වැඩපිළිවෙළ සමග එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේය.
මේ අතර ත්‍රිරෝද රථ කෝටාව වැඩිකර ගැනීම සඳහා බස්නාහිර පළාත් සභාවේ ලියාපදිංචි වුවද ඉන්ධන කෝටාව වැඩී වී නොමැති බව ත්‍රීරෝද රථ රියදුරෙකු සඳහන් කළා.
ඒ සඳහා යම් ගෙවීම් කිහිපයක් සිදුකළ යුතු බවට තමන් වෙත දැනුම් දුන් බවයි එම රියදුරු සඳහන් කළේ.
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
03-08-25
02-08-25
02-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
01-08-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25
31-07-25