2022 නොවැම්‍බර් 22, ප.ව. 8:06
පහසු ඇඳුමකින් සැරසී රජයේ කාර්යාල සඳහා සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය කිසිසේත් ගුරුවරුන්ට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා.
කෙසේවෙතත් ඊයේ (21) දිනයේ දී ගුරුවරියන් පිරිසක් පහසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් කර තිබුණා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පි.කේ.මායාදුන්න මහතා සඳහන් කළේ, රජයේ කාර්යාලවල සේවය සඳහා පැමිණෙන සේවකයින් සම්බන්ධයෙන් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට එය අදාළ නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ගුරුවරුන්ට අදාළ වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06