hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 6:04


චාමිකට තරඟ තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනමක් පනවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවකට අදාළවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චාමික කරුණාරත්න වරද පිළිගෙන ඇති බවයි.