hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 04, පෙ.ව. 9:15


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා යළි සාමාන්‍ය පරිදි

ගමන් බලපත්‍ර ලබාදීමේ සේවා සාමාන්‍ය පරිදි අද යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවා ලබාගැනීම සඳහා අද දිනයේදී එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.

කෙසේ වෙතත් එම හදිසි තත්ත්වය මේ වනවිට යථාතත්වයට පත් කර තිබෙනවා.