hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 26, පෙ.ව. 11:29



වෙළෙඳපොළට නිකුත්කර තිබූ මෝටර් රථ 634,000ක් නැවත කැඳවීමට ෆෝඩ් සමාගම තීරණය කර තිබෙනවා.

ඉන්ධන ඉන්ජෙක්ටරයේ ඇති දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර එබැවින් සිය මෝටර් රථ පරීක්ෂා කර ගන්නා ලෙස ෆෝඩ් සමාගම වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ෆෝඩ් සමාගම පවසන්නේ 2020 – 23 වර්ෂවලට අදාළ සිලින්ඩර් 3ක ධාරිතාවයෙන් යුතු 1.5L එංජින් සහිත Bronco Sport සහ Escape SUVs වාහන නැවත කැඳවන බවයි.

ලොව පුරා විකුණා ඇති මෝටර් රථ සඳහා එම තීරණය අදාළ බව ෆෝඩ් සමාගම සඳහන් කළා.

හඳුනාගෙන ඇති දෝෂය හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවිය හැකි බව ෆෝඩ් සමාගම කියා සිටියා.