hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 27, ප.ව. 5:36



උත්තර ලංකා සභාගයේ නුවරඑළිය දිස්ත්‍රික් ජනහමුව පැවැත්වීමට සකසා තිබූ වේදිකාවට අද (27) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වනවා.

එම ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා මේ වන විට හඟුරන්කෙත රෝහලට ඇතුළත් කර ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කළේ.

පහරදීම සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගේ සොහොයුරු වන සමඟි ජන බලවේගයේ ජයලත් දිසානායක මහතා විසින් බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා චෝදනා කළා.