2022 නොවැම්‍බර් 28, පෙ.ව. 8:19
වර්තමානයේදී ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
කර්මාන්ත ශාලා සහ ප්‍රධාන හෝටල්, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඊයේ ( 27) දිනයේදී ගෑස් නිකුත් කරන බවත් අද (28) දින සහ හෙට (29) දිනයන්හි එම කර්මාන්ත ශාලාවලට අමතරව දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කළා.
බ්‍රහස්පතින්දා දිනයේ සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 100,000 බැගින් නිකුත් කරන අතර බදාදා දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 4000 ආසන්න නෞකාවක් මෙරට ළඟා වන අතර උත්සව සමයේ ගෑස් ඉල්ලුමට සිරිලන ගෑස් ඇණවුම් කර ඇති බව ත් මේ හේතුවෙන් කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බව සමාගම ප්‍රකශ කරනවා.
ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, උත්සව සමයේ ගෑස් ඉල්ලුමෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41