2022 නොවැම්බර් 29, ප.ව. 12:32
කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය සීමා පැනවීමක් කර නොමැති බවත් ඒ අනුව වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් ඇතිවිමට ඉඩක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ වන විට මතභේදයට තුඩු දී ඇති කිරිපිටි අඩංගු බවට සඳහන් කන්ටේනර් 6ක් වරායෙන් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසුවා.
ප්‍රශ්නගත කිරිපිටි අඩංගු බහාලුම්වල ඇත්තේ කිරි තේ හා චොකලට් නිපදවීම වෙනුවෙන් වූ කිරිපිිටි තොගයක් බවත් එය නීතිවිරොධී ලෙස ශ්‍රී ලංකාාවේ පවතින විදේශ විනිමය උපයෝගී කරගනිමින් මෙරටට ගෙන්වා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39