hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 29, ප.ව. 8:19



එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2022.11.30 දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, අදාළ රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. 

තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බවද අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබෙනවා.