hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 5:44



මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට තමන් කොන්දේසි විරහිත කනගාටුව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි.

ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනේදී සිදුකළ ප්‍රකාශය අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් තමන් මෙම කණගාටුව පළ කිරීම සිදුකරන බවද ඔහු පැවසුවා.

පසුගියදා ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහන සමග එක්වෙමින් ආශු මාරසිංහ මහතා කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා සූදානමින් සිටින බවත් ඊට අදාළ ප්‍රචාරක වැඩ කටයුතු දැනටමත් අරඹා ඇති බවයි.

https://streamable.com/veaikq