hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 04, ප.ව. 4:21


ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් හදිසි දැනුම්දීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

අද (04) සවස 3.45 සිට රාත්‍රී 11.00 වන තෙක් එම නිවේනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.