2022 දෙසැම්‍බර් 07, ප.ව. 5:49
ඇප මත මුදාහැරුණු අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කර තිබෙනවා.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ උණ රෝග තත්ත්වයක් හේතුවෙන් සිරිධම්ම හිමි කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි.
කෙසේවෙතත් උන්වහන්සේගේ රෝගී තත්ත්වය එතරම් බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් අතරවාරයේ රාජ්‍ය දේපළවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උන්වහන්සේ ඊයේ ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19